Digital Learning Experience Centre

අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රය තුල ස්ථාපනය කර ඇති මෙම ස්ථානය සිසු ගුරු සියලුදෙනා හට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල නව තාක්ෂණය සහ තාක්ෂණික මෙවලම් ඵලදායී ලෙස භාවිත කල යුතු ආකාරය පිළිබඳව සජීවී අත්දැකීමක් ලබාදෙන මධ්‍යස්ථානයකි.

මෙහිදී ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා සුහුරු පන්ති කාමරයක් තුළදී බහුලව භාවිතා කෙරෙන ටැබ්ලට් පරිඝණක (Tablet Computers), Interactive Whiteboards, බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍ර (Multimedia Projectors), සුහුරු පෝස්ටර (SMART Posters), සුහුරු ඉගෙනුම් අන්තර්ගතයන් (SMART Learning Content), අධ්‍යාපනික ක්‍රීඩා සහ Virtual Reality මෙවලම් ආදිය සමඟ සුහුරු පන්තිකාමර අනුරුවක් තුළ නව ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමට ඔබට අවස්ථාව ඇත.

Read More

සුහුරු පන්තිකාමරයක (SMART Classroom) සැකැස්ම, එහි සිදුවන ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලියේ ස්වභාවය, එමෙන්ම සුහුරු පන්තිකාමරයක (SMART Classroom) ඵලදායිව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් පාසල් ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට ලබාගැනීමට අනිවාර්යයෙන් පිය නැගිය යුතු ස්ථානයක් ලෙස Digital Learning Experience Centre හැඳින්විය හැක.

ඉදිරියේදී ඔබට මෙම වැඩසටහන හරහා සතිපතා සුහුරු පන්තිකාමරයක් (SMART Classroom) තුල සුහුරු ගුරුවරයෙකු (SMART Teacher) විසින් පවත්වන සුහුරු පන්තියකට (SMART Class) සහභාගී වී සජීවීව එම අත්දැකීම ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

Smart Content

විෂය නිර්දේශයේ ඇතුලත් විෂය කරුණු සරලව, පහසුවෙන්, ඉක්මනින් සහ වඩාත් ආකර්ශණීය ලෙස ඉගෙනීමට.

Educational Games

ගැඹුරු විෂය කරුණු සරලව, සහ විනෝදත්මකව ඉගෙනගන්න

Interactive Learning Tour

ඔබට ලබාදෙන ටැබ්ලට් පරිගණක මෙහි ඇති සුහුරු පෝස්ටර වෙත ගෙනගොස්, එහි ඇති QR කේත scan කිරීම මගින් ඔබට ආකර්ශණීය සුහුරු පාඩම් වෙතට පිවිසිය හැක.

Learning with Virtual Reality

VR උපකරණ පැළඳ පෙර ඔබ විසින් අත්නොදුටු නවමු අත්දැකීමක් ලබාගනිමින් අථත්ය (Virtual) ලෝකය තුල සැරිසරන්න.

Interactive White Board

Sports and Extra Curricular

Learn beyond your academic curriculum with technology.

Register

හෙට දින ලෝකය අද අත්විඳින්න, සාමාන්‍ය පන්ති කාමර ඉගෙනුම් පරිසරයෙන් ඔබ්බට නවමු සුහුරු පන්ති කාමර SMART Classroom
වාරය සෑම සතියකම අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ ඇති MOE Learning Hub හි දී පැවැත්වේ.

පහත සඳහන් තොරතුරු සැපයීම මගින්, මෙම අත්දැකීම හා ඔබේ දරුවාත් සම්බන්ධ කරවීමට දැන් ඔබට පුළුවන්


Click here to provide feedback.